SORRY, THIS BLOG IS CURRENTLY EXPERINCING TCHNICAL DIFFICULTIES. SEE YOU SOON! MALLIKA M BANDARA
Thursday, 23 May 2024
Wednesday, 22 May 2024
මඟ නොදැන යන ගමන
සුදු වැලිතල මත වියළී ගිළිහුණ
බෝපත් අමදින බෝමළුවේ
හිරු නැඟ මියැදෙන දවසක කෙලවර
පින් පල ගැනමයි හිත වෙළුවේ
කෙළෙස් මලින් පිරි සිත නිවනා හැටි
හාංකාවිසියක් නැත දුටුවේ
වැලිකැට ගානට පිං පිරෙනා හැටි
පමණයි යතිවරු බණ දෙසුවේ
රා ගිනි මොළවන රත්වන මත්වන
සිතිවිලි සින්දන මඟ හමුවේ
කළ නොමකළයුතු දේ ගැන හරිහැටි
දැනුවත් වීමක් නැත ලැබුවේ
මෝහෙන් අන්ධව පව්මළ රැස්කර
මියැදෙන ඉපදෙන දිවි කතරේ
කෙළෙසුන් පොදිබැඳ ගමනේ ඇවිදින
මුවරැලසේ ගොරතර සසරේ
ඇදහිළි යාදිනි පුදපෙත් වෙනුවෙන්
දෙව් මිනිසත් බවමය පැතුවේ
පව්මුල් උදුරන මංපෙත දැනගෙන
යන ගමනයි අමතක කෙරුවේ
මල්ලිකා එම් බණ්ඩාර
4. 09. 2013
Subscribe to:
Posts (Atom)