Thursday, 6 September 2018

විදුලියක් සේ


මේ විසල් ලෝකුස පුරාවට
තනිකමක් පාළුවක් පැල් බැඳ​
කෑලී කපනා අඳුර පමණෙකි
යළිඳු හිරු සඳු නොනඟිනා ලෙද​
බියක් අසරණ කමක් වටකොට​
තලා මිරිකා ඉරා මා ළය
දරා ගන්නට නොහෙන තරමට​
ගැඹුරු සිඳු ගැබට​​ හෙලා ඇත 

කැඩුණු වැට ඉණි පෙළට නුදුරින්
නොසිටිමුත් ඇස ගැටෙන මානෙක​
ඇදහුවෙමි ඔබ ඇතයි නිරතුරු
කොතන හෝ රැකවරණ දෙන්නට
නුහුරු නුපුරුදු අඳුරු සෙවණැළි
රකුසු වෙස් ගෙන​ ලුහුබඳින්නේ
මෙතෙක් විඳ නැති කාන්සියකට
බියෙන් මාසිත තැති ගැනෙන්නේ 

එලා මායිම් අපව වෙන්කළ​ 
රජදහන කිරුළද අහිමි බව​
දෙවන වරටත් පසක් කොට දී
හිස් අහස වැනි හිතක් මට දී
වරක් ගිළිහී මඟ හැරී ගිය​
මගේ ජීවනයේ පහන් සිළ 
සදාතනිකව නිමාවී ඇත

මගෙ ලොවට ඔබ පහන් ටැඹ මුත් 
අඳුර නොබිඳිණි පහන් කඳ මුල
උතුරු පිය සෙනෙහස විඳින්නට​ 
පාරමී දම් පුරා  එන​විට​ 
ගලා ගිය දිය දහර සිඳුණිද
එකම හෝරාවකට ලගුකර ?

අඳුරු රෑ මැද විදුලියක් සේ 
දැවීගිය මගෙ ලොවම අළු කර​
ඔබව මිහිදන් කළ දිනේ
මට දැනුන තනිකම, දැනුන පාලුව​
කෙලෙස උහුලනු, කෙලෙස වාවනු
කියන් මට මපියාණනේ!

මගෙ ආත්මය සුවඳ ගන්වන 
සිහිනයෙන් ගෑ සුවඳ කල්කය​
අත හැරී නිමෙසකින් මහවේ 
සුවඳ පමණක් ඉතිරිවී ඇත


මල්ලිකා එම් බණ්ඩාර
20. 08. 2018

ජීවිතය කවියක්ය...​


ජීවිතය කවියක්‍ ​ වියා නිම කළ නොහෙන​
ප්‍රේමයේ ළහිරු රැස් රටා හැඩ තල මවන​
පදම්වී තැළෙන කල​ කිණීරයෙ යවටක්ව
ජීවිතය සෝබරව ගලන ලෝතලියක්‍ ය​ 

කැඩුන හබලට හොරා  බිඳුනූ සිත් රුවල බැඳ​ ​
නෙත ගැටෙන​ මානයේ ගොඩ බිමක් නොමැති සෙද​
ඔරුපියල්ලක් විලස රළ පතර ​පොර බදන
ජීවිතය විරහ ගීයකි ගයන්නට නොහෙන​ ​

ද්වේශයේ ගිනි පුළිඟු කඩු කිණිසි පිරිමැදෙන
අනෝරා වැහි අකුණු අතර​ යුද පෙරමුණක​
උනුන් පරයා නැගී සිටින්නට වෙර දරන​
ජීවිතේ රණ බෙරය වයාගන්නේ කොහොම?

මල්ලිකා එම් බණ්ඩාර​

28.08.2016