තනිකමක් පාළුවක් පැල් බැඳ
කෑලී කපනා අඳුර පමණෙකි
යළිඳු හිරු සඳු නොනඟිනා ලෙද
බියක් අසරණ කමක් වටකොට
තලා මිරිකා ඉරා මා ළය
දරා ගන්නට නොහෙන තරමට
ගැඹුරු සිඳු ගැබකට හෙලා ඇත
දරා ගන්නට නොහෙන තරමට
කැඩුණු වැට ඉණි පෙළට නුදුරින්
නොසිටිමුත් ඇස ගැටෙන මානෙක
ඇදහුවෙමි ඔබ ඇතයි නිරතුරු
කොතන හෝ රැකවරණ දෙන්නට
රකුසු වෙස් ගෙන ලුහුබඳින්නේ
මෙතෙක් විඳ නැති කාන්සියකට
බියෙන් මාසිත තැති ගැනෙන්නේ
එලා මායිම් අපව වෙන්කළ
බියෙන් මාසිත තැති ගැනෙන්නේ
එලා මායිම් අපව වෙන්කළ
රජදහන කිරුළද අහිමි බව
දෙවන වරටත් පසක් කොට දී
හිස් අහස වැනි හිතක් මට දී
හිස් අහස වැනි හිතක් මට දී
වරක් ගිළිහී මඟ හැරී ගිය
මගේ ජීවනයේ පහන් සිළ
මගේ ජීවනයේ පහන් සිළ
සදාතනිකව නිමාවී ඇත
මගෙ ලොවට ඔබ පහන් ටැඹ මුත්
මගෙ ලොවට ඔබ පහන් ටැඹ මුත්
අඳුර නොබිඳිණි පහන් කඳ මුල
උතුරු පිය සෙනෙහස විඳින්නට
පාරමී දම් පුරා එනවිට
ගලා ගිය දිය දහර සිඳුණිද
ගලා ගිය දිය දහර සිඳුණිද
එකම හෝරාවකට ලගුකර ?
අඳුරු රෑ මැද විදුලියක් සේ
දැවීගිය මගෙ ලොවම අළු කර
අඳුරු රෑ මැද විදුලියක් සේ
දැවීගිය මගෙ ලොවම අළු කර
ඔබව මිහිදන් කළ දිනේ
මට දැනුන තනිකම, දැනුන පාලුව
කෙලෙස උහුලනු, කෙලෙස වාවනු
කියන් මට මපියාණනේ!
මගෙ ආත්මය සුවඳ ගන්වන
සිහිනයෙන් ගෑ සුවඳ කල්කය
සිහිනයෙන් ගෑ සුවඳ කල්කය
අත හැරී නිමෙසකින් මහවේ
සුවඳ පමණක් ඉතිරිවී ඇත
මල්ලිකා එම් බණ්ඩාර
20. 08. 2018
No comments:
Post a Comment