හිමිදිරියේ වෙල් එළියේ
මහ නියරේ අතුරා ඇති
මල් පෙති බුමුතුරුණ මතින්
බාල වියේ අපි දෙන්නා
පිණිපොද වැස්සට තෙමුණා
පිණිපොද වැස්සට තෙමුණා
විහඟ ගීත ගලා හැලෙන
හිරිකඩ වැහි නිබඳ වහින
මල් පිබිදෙන සරසවියේ
සදාහරිත වියන යටින්
යොවුන් වියේ අපි දෙන්නා
යොවුන් වියේ අපි දෙන්නා
හිරිමල් වැස්සට තෙමුණා
සුවිසල් පහ මැදුරු සිඹින
සුළං පොදක දැවටීගෙන
ලතා මඬුළු සෙවැනැල්ලේ
අමයුරු පෙම් රහස් කියන
කොබෙයි යුවළ සේ උන්නා
පෙර දවසක අපි දෙන්නා
වියළුන මේපල් පත් මත
හීතල හිම කැට ඉහිරෙන
කන්දෙන් කන්දට දිව යන
බැටළු පැටව් දක්කාගෙන
ගොපළු ගීත රස වින්දෙමු
කොදෙව්වකදි අපි දෙන්නා
සේද වළා පෙළ ඇතිරුන
නීල ගුවන දෙපළු කරන්
ජීවිතයේ අරුණ සොයා
අනන්තයට පියාඹලා
දැන් හොඳටම වෙහෙස වෙලා
තොටුපොළ හැර යන කාලය
සුභ මොහොතින් ඇවිදිල්ලා
මල්ලිකා එම් බණ්ඩාර
10. 09.2018
No comments:
Post a Comment