මහ බෝ සමිඳුන්ව කිරියෙන් දෝවන්ට
මහ සෑරදුන්හට කන්චුක අන්දන්ට
රස පලවැල නෙලා සෑ මුල අතුරන්ට
විවරණ කෙලෙස ලැබිණිද මිසදිටුවන්ට?
එක දීපයක් දල්ලා සිත පහන් කොට
බිඳ හැර අවිදු ගණඳුරු මළ ඉවත් කොට
ගුණ ණැන සුවඳ හද කුටියෙහි නිදන් කොට
සම්මා සති වඩව් සසරින් මිදෙන්නට
පට පිළි දුහුල් තිර බුදු බඳ වසන්නට
දද බැඳ බෝධියේ කොළ අතු ගණන් කොට
කෙහෙරැළි අතුරනා සඟ ගණ වඩින්නට
නිවනක් කොයින් ණැන මඳ මාගමුන්හට?
බුදුවරු සසර නිමවන මඟ සෙව්වෝය
මුදවන්නෝ නොවෙති මඟ දන්වන්නෝය
දෙව්ලොව නොව සසර ඉම පෙන්වන්නෝය
පැණසර නොවන උන් වල්මත් වන්නෝය
මල්ලිකා එම් බණ්ඩාර
14 .08. 2018
No comments:
Post a Comment