Friday, 12 October 2018

නා දල්ල


සසලවෙයි සිත​ පෑරි පෑරී
ළපටි නා දල්ලටත් වැඩියෙන්
පොර බදයි  සැඩ පහර වළකා
රැඳී ඉන්නට ළපැටි නටුවෙන්

සිළිටි පත් ඉරු විසිර යන්නට
නොදී රැක ගෙන​ වියරු සුළඟින්
මහ රුකක් වී අතුපතර දා
සෙවන සලසා හිඳින​ රිසියෙන්  

ඒත් ඇයි මේතරම් පරළව​
සුළඟ​ ගත සිත නිවු මනරම්
හමන්නේ රළු පරළු විදියට​
දරා ගන්නට නොහැකි විලසින්?

මල්ලිකා එම් බණ්ඩාර​
26.09. 2018

No comments:

Post a Comment