සසල දිය රළ නිසල වී ඇත
විසල් නුවරම නිහඬ වී ඇත
සිහින් සර පහරක් ලෙසින් ඔබ
මගේ මතකයෙ දිගාවී ඇත
තුමුල කඳුපෙළ
පිස හමා එන
සුළඟ ඉකිබිඳුමක්ය
වැළපෙන
දෙනෙත් යුග හැර බලනු කෙලෙසද
එදා අප දුටු සොඳුරු වැව්තෙර
පිදූ මල් පර වෙලා මලසුන
බිඳී සිත රැඳි දැහැන
නිසසල
නිවී ඇත දැල්වූ
පහන් සිළ
හිඳී යන බව දැන නුවන් විල
සීත දියරළ පතර කැළතී
මෑත ඉවුරේ හැපී වැළපේ
ගීතයක් වී ඇසුන පෙරදා
යාතිකාවන් සිත රිදෙව්වා
මල්ලිකා එම් බණ්ඩාර
10. 09.
2018
No comments:
Post a Comment