පැන් කළ දහක් ඇදගන්නට
සැරසෙච්චි
පුන්කලසම බිඳී දිය කඳ
ඉහිරිච්චි
සංසල වෙලා හිත ගිනි දැල්
ඇවිලිච්චි
පින් පල දෙවන කල් නාවෙද
පොල්කිච්චි
අල්තාරයේ ඉටිපහනක් දැල්වෙච්චී
ගඳ දුම් සුණු දැවී සුළඟට
මුසුවෙච්චී
ගී පද සැහැලි මුදු වදනින්
මැතිරෙච්චි
සව්දිය පුරා මංගල ගී
පැතිරිච්චී
සිත් සන්තොසින් තොලගෑ විත ගිළිහෙච්චී
මහ ගෙයි ඇන්ද බිතු සිතුවම්
දියවෙච්චී
විල්ලුද බුමුතුරුණු පායුග දැවටිච්චී
යුග ඇස්පනා පිට ගිනි
ගෙන අළුවෙච්චී
විනේ කරපු උන් එක පිලකට ආවා
සෙනේ පුරපු බඳුනත් මළකඩ
කෑවා
වණේ ලා කෙටූ කකියන හිත
ගාවා
වනේ වන සපෙකු සේ ඉඳ මොරගෑවා
නල මත හැපී රළ පත ගී මුමුණනවා
විල මත පිපි තඹර මල්පෙති ගිළිහෙනවා
සවණත රැඳි බමර ගුමුවෙහි දැවටෙනවා
අවනත නොවන හිත අහසේ පියඹනවා
මල්ලිකා එම් බණ්ඩාර
1.01. 2023