Friday, 1 June 2018

උදෑසන



මිහි මත බැඳි මල් තොරණා
විහඟ ගීත තනු බඳිනා
අඳුර හරණ සඳ කිරණා
අහස් සයන මත නිදනා

පලාවන් තුරුපත් වෙලා ගෙන
සිහින් නල වැල් විසිරෙතේ
සලා කිංකිණි රසු ලතාවට
ගොයම ගී නද පතුරතේ

එලා දුහුලැල් වළා සළු පට​
නීල වන හිස සනසවන්නට​
එතෙන මීදුම් කැරැළි කඳු මත
කදාවන් හිරු කිරණ විසිරෙත​

කිරිවැද සැලෙන ගොයමට මහ කෙතේයා
කොඳුරන​ රහස ලියවුණ නුඹෙ හිතේයා
මිණි කැටසේ දිළෙන ඉඳුනිල් නෙතේයා
හසරැලි පිපෙයි​ රත් පියුමන් වතේයා

මල්ලිකා එම් බණ්ඩාර
​24. 04. 2018