ජීවිතය කවියක් ය වියා නිම කළ නොහෙන
ප්‍රේමයේ ළහිරු රැස් රටා හැඩ තල මවන
පදම්වී තැළෙන කල කිණීරයෙ යවටක්ව
ජීවිතය සෝබරව ගලන ලෝතලියක් ය
කැඩුන හබලට හොරා බිඳුනූ සිත් රුවල බැඳ
නෙත ගැටෙන මානයේ ගොඩ බිමක් නොමැති
සෙද
ඔරුපියල්ලක් විලස රළ පතර පොර බදන
ජීවිතය විරහ ගීයකි ගයන්නට නොහෙන
ද්වේශයේ ගිනි පුළිඟු කඩු කිණිසි පිරිමැදෙන
අනෝරා වැහි අකුණු අතර යුද පෙරමුණක
උනුන් පරයා නැගී සිටින්නට වෙර දරන
ජීවිතේ රණ බෙරය වයාගන්නේ
කොහොම?
මල්ලිකා එම් බණ්ඩාර
28.08.2016