ඉර ගිළීලා ඈත සයුරේ
තඹ දියර ඉස සැඳෑ අහසේ
සඳත් කඳු මුදුනින් එබෙන්නට
පමා වෙන්නේ ඇයි?
බිඳෙන රළ පෙළ වෙරළ වැළපෙයි
අඳුර එයි දසතින් ගලා
සිහින් ඉකිබිඳුමක් වෙලා
ඇසුනු පසතුරු නද සරින්
සුබ පැතුම් වියැකී ගිහින්
බිඳී ගිය මල් තොරණ පාමුල
මා පමණි හැම සමු අරන්!
වෙළී ගොම්මන් පාළුවේ
ගිළී මියැදෙන්නට කලින්
සබඳ ඉරබට තරුව වාගේ
පිපියන් මේකුළු දැලින්
මල්ලිකා එම් බණ්ඩාර
13. 10. 2020