සිළිටි දෙකොපුල
සදිසි බිඹු පල
ළදල්ලක් වන්
සැලෙන මුදු තොල
උපුල්වන් නෙතු සඟළ
දුටු දනන් සිතු පහන් කළ
හද ලෙනේ අගුළු හල
වත සදිසි සඳ මඬළ
ඇවිත් දොරකඩ එබී බැලුවා
මුළු ලොවම ඇය වනැයි සිතුවා
යෞවනේ ලොබ බැන්ඳ තුණු කය
තිරව පවතිනු ඇතැයි සිතුවද
කොයිතරම් කැළඹිණිද දුටුදා
පළමු වර සුදු කෙස් ගහක් හිස
මල්ලිකා එම් බණ්ඩාර
19. 07. 2018