ඉල්මහේ මල් පීදුනා මිස
සුවඳ නෑ හැමුවේ
දැල්වුණේ ගිනි දැල් විනා
පිනි පොද නොවේ හැළුණේ
නිල් දියෙන් පිරි ගං තලා
පරමල් හැලී හිඳුනේ
ළතණ පත් මත ඉහිරිලා
පිනි කැට නොවේ ඉහුනේ
යෞවනේ හඬ මිලින වී
කැනැහිල්
නදයි ඇහුනේ
වල් වැදී ගිය කෙතක කෙදිනද
රන් කරල් පැසුනේ
අද වගේ නොවනා හෙටක් ගැන
පැතුම අත නාරින්න මා පුත
නැවුම් හිරු රැස් වතල මිහිමත
හෙට දිනේ නව මල් පිපෙනු ඇත
මල්ලිකා එම් බණ්ඩාර
22. 11. 2018
No comments:
Post a Comment