අපි මේ ගෙදර පදිංචිවෙලා අදට අවුරුදු දාහතරක්. අළුතෙන් ගෙදරක පදිංචියට ඇවිත්, බඩුමුට්ටු ටික අඩුක් කරගන්න එක ලේසිපාසු දෙයක් නෙවෙයි. ඕනෑම සාමාන්‍ය
ගැහැණියක් ගෙදරට ගොඩවුණ ගමන් කුස්සිය පැත්තට කරපොවලා බලන එක අසාමාන්‍ය හැසිරීමක් නෙවෙයි.
ඉතින් මමත් මුලින්ම ගියේ කුස්සියට. මොන වෘත්තියක නියැලුනත්, මොනතරම් දැන-උගත්කම් තිබුණත්, උත්තරීතර
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සමාන අයිතිවාසිකම් භුක්තිවිඳීමේ විධිවිධාන සලස්වලා
තිබුණත්. මොන පණතින් මානව හිමිකම් තහවුරු කරලා තිබුණත්, අපි මුළුතැන් ගෙට අධිගෘහිත ජීවින් කොටසක්. සාමාන්‍යයෙන් අපිට ඕඩර්ස්
එන්නෙම ඉහලින්. අපි ඒවට “respond” කරන්ට ඕනමයි
නමුත් “react” කරන්න ඔට්ටුනෑ. අපි ගැහැණු! ඉල
ඇටයක් “චරස්” ගාලා
කඩලා අරන් මවපු ඈයෝ. දෙවෙනි පෙළ මනුෂ්‍යයෝ. දෙවෙනි පුර වැසියො...
කොහොම හරි මමත් මුලින්ම
ගියේ සුපුරුදු තැනට. හැබැයි අපරාදෙ කියන්ට බෑ මට අත් උදව්කාරයන් ගේ සපෝට් එක
තියෙනව. ඒකත් මොනතරම් භාග්‍යයක්ද? සියළුම
නවීන අංගෝපාංගයන් ගෙන් සමන්විත “kitchen & dinning area” එක අපූරුයි! දෙපැත්තකින් අවට පරිසරයට විවෘත විශාල වීදුරු ජනේල වලින්
යුක්තයි. ජනේල තුළින් පෙනෙන අවට පරිසරය ; දැවැන්ත ගස් වලට අමතරව “native” ශාක වර්ග
වලින් වටවෙලා. කැළෑ මල් වැල් එතිලා. ඒක ලියමඬුළු වලින් හෙබි ස්වභාවික පරිසරයක්.
පුංචි දිය පාරක් ගෙට පිටු පසින් ගලාගෙන යනව. දියපාරට වෙන් කරන ලද මීටර් දහයක තරමේ
බිම්කඩ දිගටම, මේ පරිසරයට ආවේණික ලිලි වර්ග ගණනාවක
මල් පීදිලා. මේ ලතාමඬුළු අතරින් ජනේලයට මීටර් හයක් විතර ඈතින් තියෙන ගහක අළු
කොබෙයි ජෝඩුවක් වහලා ඉන්නවා අහම්බෙන් වගේ මං දැක්කා.
පහුගිය අවුරුදු දහතුන
පුරාවටම හැම උදේකම මම දැක්කෙ මේ
සජීවි අළුකොබෙයි ජෝඩුව ගහ මුදුනට වෙලා ඉන්න ආකාරය. ඒතරම් අපූර්ව දර්ශනයක්! මම මොහොතක්
ඒ දෙන්න දිහා බලාගෙන ඉන්නව.
මොකද අපි , මිනිස්සු විදියට එකිනෙකාට අයත් අපි වටා අපිම මවාගත්ත, ලෝක තියෙනව. අපි වටා
නිර්මාණය කරගත් නන් විසිතුරු සිහින ලෝක හරි සුන්දරයි! හරියට නිද්‍රාගතවු විට දකින
සොඳුරු සිහිනයක් වගෙයි. නින්දත් නොනින්දත් අතර අපි සිහින වියනවා අකුලනවා.
දිගාරිනවා, ආයෙ සිහිනයේ හැඩ වැඩ බලනවා, ඒ ගැන ආඩම්බර වෙනවා. අහම්බෙන් හරි ඇහැරුනොත් හිතෙනවා ඒ සුන්දර හීනයේ
තවටිකක් ඇලී-ගැලී ඉන්න. සත්‍ය ලෝකය කටුකයි. ඒනිසා සැබෑව අත්දකින්න බයයි වගේ හිතට
දැනෙනවා. අපි වටා නිර්මාණය කරගත් ලෝක බිඳ වැටෙයි කියලා අපි බයයි.
ඒ ලෝක වලට පිවිසුනාම
එළියට එන්න අමාරුයි. එළියට එන්න බයයි අපි තනිවෙයි කියලා. ඇතුළෙ ඉන්න බයයි අපි ඒ ඒ
ලෝකවලට අයිති නැති නිසා. ඒ ලොවටත් නෑ . මේ ලොවටත් නෑ. “අපි” කියන ස්වාධීන මනුස්සයාට ඇහුම්කන් දෙන්න බයයි. අපිට පාර වැරැදෙයි කියලා. සම්මත ලෝකයේ නීති රීති
කර්කශයි. ඒ කටුක බව, තික්ත බව කරිවිල ඇට හැපෙනව වගේ
වුණත් ඒක ඉවසා වදාරන්න සිදුවෙනවා.
ඇතුළෙ ඉන්නත් මොන හෙයියන්මාරුවක් දරන්න වෙනවද? තැළිලා පොඩිවෙලා, මුළු ආත්මයම දියකරලා යමක් කළත් බේරිල්ලක් තියෙනවද? ලෝකයා අහන කෝත්තරවලට උත්තර බඳින්න වෙනව හරියට බැංචියට නැඟපු නඩුකාර උන්නාන්සේ ඉදිරිපිට හිට ගත්තා වගේ. ඉතින් අපි, " අපි" නොවී ලෝකයාගෙ ප්‍රමිතියට ගැලපෙන එකෙක් වෙන්න යටත් වෙනව. අපේ ආත්මය ලෝකයාගෙ දෙපා මුල පූජා කරලා. නිදහසේ ඉපදුනාට නිදහසේ ජීවත් වීමෙ අයිතිය අමු අමුවේ පාවා දෙන්න වෙනව. ඒක තමයි මනුස්ස භාවයක් ලැබීමේ ඛේදවාචකය.
අපි හිතන්න පතන්න ඕන ලෝකෙ සම්මතයටයටත්ව. පූර්ව නිගමනයන්ට අනුව මිනිස්සු ජීවත් විය යුතුයයි අපේක්‍ෂිත, දෙන ලද නිර්ණායකයන්ට අනුකූලව. ඒ සීමා මායිම් වලින් පැනීම හෝ රිංගා යාමට හිතීම පවා දඬුවම් ලැබිය යුතු වරදක්. කුරුස ගතකර ඇණ ගසා තැබිය යුතු වරදක්! නිදහසේ හිතන මිනිසුන් දවසකට කීවරක් නම් කුරුස ගත විය යුතුද? ජීවිත කාලයක් තිස්සේ කුරුසයේ වධ විඳිය යුතුව තිබෙනවා. උපන් හැම මිනිසාම දැනුවත්ව හෝ නොදැනුවත්ව, කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් කුරුස ගත් වීමට යටත්. එහෙම හැඟෙනකොට, අළු කොබෙයියෙකු වීම භාග්‍යයක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්!

සම්මත ලෝක චාරිත්‍ර වලට
අනුකූලව අන් කෙනෙකුගෙ මිණුම් දඬු, ඇගැයීම් වලට
නතුවෙලා ජීවත් වෙන්න හැම විටම බල කිරීමක් තියෙනව. අන්තිමට අපි හීනෙ ත්
හැබැහිඇතුළෙ ඉන්නත් මොන හෙයියන්මාරුවක් දරන්න වෙනවද? තැළිලා පොඩිවෙලා, මුළු ආත්මයම දියකරලා යමක් කළත් බේරිල්ලක් තියෙනවද? ලෝකයා අහන කෝත්තරවලට උත්තර බඳින්න වෙනව හරියට බැංචියට නැඟපු නඩුකාර උන්නාන්සේ ඉදිරිපිට හිට ගත්තා වගේ.
අපි හිතන්න පතන්න ඕන ලෝකෙ සම්මතයටයටත්ව. පූර්ව නිගමනයන්ට අනුව මිනිස්සු ජීවත් විය යුතුයයි අපේක්‍ෂිත, දෙන ලද නිර්ණායකයන්ට අනුකූලව. ඒ සීමා මායිම් වලින් පැනීම හෝ රිංගා යාමට හිතීම පවා දඬුවම් ලැබිය යුතු වරදක්. කුරුස ගතකර ඇණ ගසා තැබිය යුතු වරදක්! නිදහසේ හිතන මිනිසුන් දවසකට කීවරක් නම් කුරුස ගත විය යුතුද? ජීවිත කාලයක් තිස්සේ කුරුසයේ වධ විඳිය යුතුව තිබෙනවා උපන් හැම මිනිසාම දැනුවත්ව හෝ නොදැනුවත්ව, කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් කුරුස ගත් වීමට යටත්. එහෙම හැඟෙනකොට, අළු කොබෙයියෙකු වීම භාග්‍යයක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්!
ඒ විදියට බැලුවාම අපි, අපිට ඕනෑ විදියට ජීවත්වෙලා නැහැ. හැබෑ ජීවිතය අත්දැකලා නෑ. ඔය විදියට අපි ජීවත් වෙන්නෙ අපිට ඕන විදියට නෙමෙයි. අනුන්ට ඕන විදියට. ඒ අපි "ශිෂ්ඨසම්පන්න" මිනිස්සු නිසා . ඒකත් අනුන් අපි පිට බලෙන් පටවාපු අනන්‍යතාවක්. ඒ අනන්‍යතාව යම්දවසක හැව අරිනවා වගේ අතාරින්න නියමිතයි.

එහෙම ජීවත් වෙලා අන්තිමට
නොදැන ආවා වගේම නොදන්නා තැනකට යන්න සිද්ද වෙනව. ඒක සූදානම් නැති ගමනක්. මුළු
ජීවිත කාලයක් අනුන් ගේ ඕනෑ එපාකම් අනුව, අනුන්
සතුටු කරන්න, ජීවත් වෙන්න ලක ලෑස්ති වුණාට; මෙතුවක් කාලයක් වියාගත්ත සිහින පැදුර වැරැහැලි වෙලා මහ මඟ අතෑරලා යන්න
සිද්ධ වෙන එක ගැන හිතට චකිතයක් දැනෙනව. ඒක උසස් මනසක් ඇති ශිෂ්ඨසම්පන්න මිනිස්සූ
කියන සත්ව වර්ගයා නතු විය යුතුම නියාමයක්.
ඒත් ලෝක නියාමයට අනුව මේ
කොබෙයි ජෝඩුව බොහොම ළෙන් ගතුව ජීවත් වෙනව. ඒ අය ළඟ නීති පොත් නෑ. එකිනෙකාට ආදරෙන්
ආමන්ත්‍රණය කරනව. නිදහසේ පියාසර කරනව. හැම වෙලාවෙම උස් අත්තක එකිනෙකා සමීපයෙන්
ඇනතියාගෙන ඉන්නව. ජීවිතයට සූදානමක් නෑ. එදිනෙදා ගත කරනව. ආවේ කොතැනින්ද කියලා
හිතන්නටවත් යන්නේ කොතැනටද කියලා තිගැස්සෙන්නටවත් ඒ අයට අවශ්‍යතාවක් නෑ. අවුරුදු දාහතරක් කොබෙයියෝ දෙන්නා හැබෑම “කුරුළු
ජෝඩුවක්” වගේ එක දිගට ප්‍රේමයෙන් සාමයෙන් සමාදානයෙන්
ජීවත් වෙනව.මේ අවුරුදු දාහතර පුරාම හිටිය විදියට අදත් අළු කොබෙයි ජෝඩුව මා
මුලින්ම ඒ දෙන්නව දැක්ක විදියටම කවුරි ගහේ අත්තේ වහලා ගිමන් හරිනව.
මල්ලිකා එම් බණ්ඩාර
11. 11. 2018
11. 11. 2018
No comments:
Post a Comment