මල් පිපෙන කණිසමේ
ළහිරු නිදිගැට හරින
සීතලට අළුයමේ
සීතලට අළුයමේ
බකිණි මල් සුවඳ දී
නුඹ මසිත තැවරුණේ
වැඩහිඳිනා මාළිගාවෙ
අනුහස ළෙහි තුළ හංගා
උඩුමාලේ මල් පිදුවේ
පර වෙන්නටදෝ මන්දා
වළා බැම්ම මත හිඳගෙන
තනියම ඉකිලන වේලේ මගේ සුසුම් වල දැවටී
කිරි මුහුදේ රළ පෙරළේ
අඳුරු ලලා වට වැස්සේ
බොරදිය සීරාවක් සේ
අපේ මතක බොඳවී ඇත
මියැදුන නිම්නය ඔස්සේ
අපේ මතක බොඳවී ඇත
මියැදුන නිම්නය ඔස්සේ
පඳුරු ලලා පැළපතසේ
පීදී හද ගැබ සහසේ
අකලට මැළවී යන්නද
මෙවන් පෙමක් කිරිවැදුනේ?
මල්ලිකා එම් බණ්ඩාර
14. 10. 2018 -
No comments:
Post a Comment