බේත් තෙල් මුසුව දිගු කාලයක් පෙරවලා
හාන් රෙදි කඩ හිඳී ඇඳ වියලෙ තනිවෙලා
යාන්තම් ඇඳී යන මතකයේ වියැකිලා
හීන්වට දැනෙයි පරසතු සුවඳ තැවරිලා
සිත් මල් ලියකම් මතකයෙ වියනේ
නෙත් පියවෙන තුරු අඳිනා ගුවනේ
වත්තන් කර පණ නල හිමි සඳිනේ
හත් මහ ගෙවුණා ඔත්පොළ සයනේ
පිළිමල් ඔද බිඳ දිය නද නඟනා
පෙරමුණු බැඳ මිරිඟුව වෙත ඇදුණා
කාලය පියඹා ගිය සඳ නොදැනා
දිවගිය අරමුණ කිමදැයි හැඟුණා
හෙවනැල්ලක් සේ ආ මඟ නිබඳා
ගත සිත සවි බල වැහැරුන ගිජිඳා
මං පෙත ඉමදී තනිවම යනදා
හැරැමිටියකි මා ගිය අත හැරදා
මල්ලිකා එම් බණ්ඩාර
24. 12. 2019
No comments:
Post a Comment