කලාගාරය පසෙක හිඳ මුව මඳ සිනා
පුරවා
හෙමින් ඇවිදින් නැවතිලා නම
ගම කිමැයි ඇසුවා
සුවහසක් එළි ඇවිල විනිවිද
ළය මඬළ පුරවා
අසෙණි වැහි කෝඩයක් සේ හද ගැබ
විදුලි කෙටුවා
හමුවුණා හිනහුනා නිරතුරු පැතුම්
මළු පුරවා
කතා දහසක්, නෙතේ රඳවා පෙරුම්
දම් පිරුවා
මමත් ඔබ මෙන්, ඔබත් මා මෙන්
හිතෙන් පෙම්කෙරුවා
එවන් ප්‍රේමය වදන් පෙළකට නොමැත
ගොනු කරවා
පිපුණ මල් අතු ඉති කිණිති
අග නෙක වණින් සුවඳින් වෙළා
කලාගාරය දෙපස මිහිබට දෙව්
විමන් සිතුවම් කළා
සිනාබර වත්, කතා කළ නෙත්, අතර මැද මන්මත්වෙලා
අතින් අත ගෙන වතළ මල් පෙති
මතින් අපි සක්මන් කළා
දොලක් සේ මා දොවා ලන්නට ප්‍රේමයේ
මනරම්
විලක් සේ බැඳි තවත් හිතකට
බහක්දී ඉරණම්
හිතක් බින්දා නොවෙයි සකිසඳ, දොසක් නෑ මගෙනම්
මතක් වෙනකොට දුකයි තාමත් අහිංසක
නුඹ නම්!
රාමනාදන් මන්දිරේ හිඳ මැදුරු පහුකෙරුවා
උදේ හවහා අපි යනෙන මඟ නුඹත්
මුරකෙරුවා
සිනාසෙන නෙතු යුගළ මුවවිට
කඳුළු ගුලි පුරවා
නුඹ බලාගෙන සිටිනු මැයි ගහ
මුලදි මා දුටුවා
මල්ලිකා එම් බණ්ඩාර
2.07.2022