Thursday, 14 July 2022

හඳ ගිළිහී

 හත් දවසක් ඇද වැටුණ අනෝරා

වැහි කඳ ගං දෑලෙන් උතුරා

දියවුණ හීනය වල් වැදුනාදෝ

නැතුවම රහසින්වත් මතුරා

 

පෙම් හද මැඳුරේ දොරගුළු හැරියේ

කුමටද සමුගන්නට ඉඳුරා

හන්තානේ හඳ ගිළිහී වැටිණිද​

සංසාරේ පව් පින් සපුරා

 

හීනෙන් ගෑ මුදු සුවඳක් වාගේ

ගිරිකුළු මුදුනේ තෙරපීලා

අපේ මතක වාතලයේ පාවිණි

සත් සමුදුරු තෙර කැළතීලා

 

මල්ලිකා එම් බණ්ඩාර​

 11.07.2022

No comments:

Post a Comment