සිරි සිදුහත් ගොතම සම්බුදු පදවි දෙවා
සිදුහතුන් ගෝතම බුදු පදවි දෙවා
සිව්හෙලයටම සදහම් පණිවිඩය යවා
ගිනිගෙන දැවෙන සිත් මෙත් සිසිළසින් නිවා
සැනහූ සේක ආ දන බව කතර ගෙවා
සඳපත දියවෙලා තරු කැට මුවාවෙන
සෙවැනැළි මැකී වන ලැහැබෙන් එබීගෙන
ගණදුර බිඳුනි නැණ පහනින් මිදී එන
හිරු මල පිපුණි ලොව්තුරු සුව බෙදාගෙන
සිත කය වෙළුන දුක් දොම්නස් විඳ ශෝක
රාදොස් මෝ කෙළෙස් මළ සකිළිටි නේක
වෙහෙසුන දනන් සිත් කර ඒකාලෝක
ඒකායන දහම් මඟ වදහල සේක
තම්මැන්නා වැටියෙ දැසමන් මල් නෙළමු
පිච්චන්දියා වෙහෙරට දෙමිටක් පුදමූ
පිවිසී නිවන් මඟ දම් සුවඳින් වෙලුණු
සසරේ බැමි සිඳින්නට අදිටන් කරමු
මල්ලිකා එම් බණ්ඩාර
19. 09. 2023