Thursday, 21 September 2023

පිච්චන්ඳියාවේදී

 

සිරි සිදුහත් ගොතම සම්බුදු පදවි දෙවා
සිදුහතුන් ගෝතම බුදු පදවි දෙවා
සිව්හෙලයටම සදහම්‍ පණිවිඩය යවා
ගිනිගෙන දැවෙන සිත් මෙත් සිසිළසින් නිවා
සැනහූ සේක ආ දන බව කතර ගෙවා 
 
සඳපත දියවෙලා තරු කැට මුවාවෙන​
සෙවැනැළි මැකී වන ලැහැබෙන් එබීගෙන 
ගණදුර බිඳුනි නැණ පහනින් මිදී එන​
හිරු මල පිපුණි ලොව්තුරු සුව බෙදාගෙන 
 
සිත කය වෙළුන දුක් දොම්නස් විඳ  ශෝක​
රාදොස් මෝ කෙළෙස් මළ සකිළිටි නේක​
වෙහෙසුන දනන් සිත් කර ඒකාලෝක 
ඒකායන දහම් මඟ වදහල  සේක 
 
තම්මැන්නා වැටියෙ දැසමන් මල් නෙළමු
පිච්චන්‍දියා වෙහෙරට දෙමිටක් පුදමූ
පිවිසී නිවන් මඟ දම් සුවඳින් වෙලුණු
සසරේ බැමි සිඳින්නට​ අදිටන් කරමු
 
මල්ලිකා එම් බණ්ඩාර 
19. 09. 2023

No comments:

Post a Comment