ප්‍රේමයේ ගර්ජනා
කතර පුරහා
සොයා වෙහෙසුන
ආදරය මා සොයා
ඇවිදින්
සිඳ දමන්නට
නොහැකි අයුරින්
සිහින් හුයකින්
වෙළී තිබුණා
නිදන් වදුලට
උඩින් පැන ගිය
යදමකට වැඩි
සවිය තිර කොට
ගතින් අප
වෙන්වී සිටින කල
හදින් පෙම්
කළ බව හැඳින්නෙමි
අසෙණි වැහි
බර මේකුළක්වී
සවණ කකියන
ගොර බිරම් මැද
සළිතවූ මුත්
ළදල්ලක්සේ
හරිත වන්වී
පලදැරූයෙමි
ප්‍රේමයේ
සිහිලසක පහසක්
කෙදිනකදි
හෝ සොයා එනතුරු
ගලා යන්නට
දිය කඳක්සේ
හැමූ දළ රල
තුනීවී ගිය
හිරු උදාවක
මහ සයුරසේ
නැවුම් ලොවකට
මා රැගෙන ගිය
සිහින් මඳ
නල පොද නුඹම විය
මල්ලිකා එම්
බණ්ඩාර
28.01.
2024