Sunday, 21 January 2024

රෝසමල් සහ අළු


 රෝස මල් පිපුණාට​

ගෙදර මල් උයනේ

උරුමයක් කොයිබින්ද 

රෝස මල් සයනේ

  

මිහිරි සුව දැනුනත්

සුමුදු මඳ පවනේ

මතකයක ගිනි සිළුය 

සිත කොනක ලැවුනේ


සත් රජුන් මහ සෙනඟ 

පිරිවරා යුද වැදුණි

උරුමයක් නැති මාව 

දිනා ගන්නා පිණිස 


ප්‍රේමයෙ නාමයෙන්

ලැවූ ගිනි නිවී ගොස්

ඉතිරිවූ අළු මිසක 

දිනූකෙනෙකුන් නොමැත​


පරාජිත විජිතයේ

අලු මතින් වළප්නා

අඳෝනා මැසිවිලිය​

මිය ඇදුන සෙවනැළිය​


මහපොළොව සිප​ වැළඳ

 රෝස මල්  පියවිළිය .

 නෙළා ගත නොහැකිවූ 

අළු මතම මැළව ගිය​ 


මල්ලිකා එම් බණ්ඩාර​ 

21. 01. 2024


No comments:

Post a Comment