ඔබත් මා අතර ඇති
කතා නැති වචන නැති
හැඩතල පමණක්ම ඇති
සිතුවමක් වගෙයි අප ප්‍රේමය
මෝදුවී දළු රිකිළි
අතු පතර ලා වැඩුන
සබඳතාවේ මිහිර
ආදරයදැයි කියා නොදත්තෙමි.
නුඹට නොදැනුන නුඹට නොහැඟුන
හඳුනාගත නොහුණ මගේ හිත
තුන්තේරවිල්ලක් ය නුඹට
කැළිකුණු කසට හැර,
දොවා වෙල්ලෑවේ වියළා පිල්ලෑවේ
නොමිලේම නුඹට සළු පිළි දෙවූ
රජස් සෝදන්නිය මාය
අදත් මා ළය පතුල අඟිරිගා
නුඹෙ නමින් කල් බැන්ද
ප්‍රේමයේ තෝතැන්න පුරන්වී යානොදී
.නුඹේ රජ මඟුලට සළුවඩන
මා නුඹේ රජිකාය.
මල්ලිකා එම් බණ් ඩාර
31. 10. 2024