Tuesday, 8 April 2025

රත නොරත


මදු වැලක් සේ වෙළී පැටලී

මගේ ජීවන මංසලේ

මදු මලක් සේ පිපී වැනුණා

සුවඳ දී හද මිහිතලේ

 

මියුරු සුවඳක් ඉවුරු බිඳගෙන​

යළි යළිත් අමතන වෙලේ

කවුරුදෝ නුඹ මාව රිදවා

මේ තරම් කෙණෙහිළිකළේ

 

පවුරු පදනම් ඉරිතළා ගිය​

හුදකලාවූ විසල් නුවරක

කෙළෙස අප සුළැඟිළි බැඳෙන්නේ

රත නොරත සේ නොපෑහේනම්

 

විසුළු මා වත අදිසියේ දැක​

සසළ වී නුඹ තැති ගනීනම්

පැසුළු නුවරින් නික්ම යන්නට

අවසරයි නුඹ නිදුක් වේනම්

 

මල්ලිකා එම් බණ්ඩාර​

8. 04. 2025

No comments:

Post a Comment