පුරන පන්නම්
පැදුර ගෙනවිත්
පිල්කඩේ දිග හරිනවා
නඟන පත්
ඉරු එලන අතරේ
දහක් සිතුවම්
මැවෙනවා
නුඹේ හෙට
ගැන රටා පන්නම්
දමා මෝවිට
වියනවා
සුරුහමට
ඒ පැදුර ගෙනෙහින්
පැදුරු
ආණේ තියනවා
නිසරු
පොළොවේ දිය පොහොර ඇද
පිච්ච
වැල සේ ඇදෙනවා
දළු කරටිලා
නැවුම් සුවඳින්
මලක් සේ
නුඹ පිපෙනවා
දෙව්ලොවෙන්
බට දූතිකාවක්
විලස නුඹෙ
රුව දිළෙනවා
ගීතිකාවන්
ගැයෙන මොහොතක
පුදසුනේ
නුඹ තබනවා
මල්ලිකා
එම් බණ් ඩාර
30.
04. 2025
No comments:
Post a Comment