සිහින ලෝකේ
පාවුණා අපි - මෙතෙක් කල් නෙත
පියාගෙන හිඳ
හිම කුමාරියො
වුණා ඇති නෙව - කොතෙක්නම් තව
මුලා වෙන්නද
නැගී සිටිමුව
දිරිව එදිරිව - කාන්තා හිංසනය
අබියස
දැන්
ඉතින් කාලය
ඇවිල්ලා - සහෝදරියෙණි
නැඟිටපල්ලා
ගැහැණු බව
ගැහැණියක් වීමෙන් - කුවේණිය පැරදිලා
වන වැද
යොවුන් දොර
එලිපත්ත මතදිම - නැවුම් බව
ගැබ් බරව ඉකිලත
කිරි වරා නැති
සිඟිති දූවරු - තිරිසනුන් අත
කෙළෙසිලා යත
පැසුනු වියපත්
වියේදී වුව - අපට රැකවරණයක්
තිර වෙද ?
නීතියේ කන්‍යාව
අන්ධය - තුලාවේ කහවනු
රැඳෙන සඳ
ඇවැසි තැන
නැති ඇගේ කඩුවෙන්- ගෙදර හිඳ අපි
කොස් කොටන්නද?
මවද, සොහොයුරියද, දියණියද - රකිනුවස් එක අරමුණක
හිද
මොර ගසල්ලා
බිඳ'ර මුනිවත
- සහෝදරියෙනි පෙරමුණට
වැද
සදාචාරයෙ නීච
බියගුලු කඩතුරාවෙන් වසා ගත සිත
වහළියකසේ
කැඹුරුවා මිස, සිප් සතර හිණි
පෙතක්වී නැත
පිළුණුවූ සිරිතට
චිරන්තන පිටු නොපා
ගැලවුමක් නම්
නැත
කුමට “කෙළි බඩු කුලඟනක්වී” ගැහැණූකම මිහිදන්ව ඇති
විට ?
අපේ අයිතිය
අපට යුක්තිය මෙන්ම සාධාරණය ඉල්ලා
අපේ අබිමානය දිනන්නට
- හිතින් අරමුණු
කර ගනිල්ලා
සිඳ දමා වැට
කටු කොහොල් දිරි දෙපා යුග මත නැඟිටපල්ලා
බිඳ දමා විය
ගසෙහි වරපට - උරෙන් උරදී පෙළ
ගැසෙල්ලා
අනාගත ගැහැණිය
මුදාලන මෙහෙයුමේ මෙහෙවරට උරදී
කාන්තා නිදහසේ
සිහිනය සැබෑ කරගනු පිණිස දිරිදී
ඉඳින්; "සිසි වන උවන ඉඟ සුඟ” නොරැවැටී රාගික උවම් ළඟ
බර දරන “පුළුලුකුළ රිය සකයුරු
තිසර තන " ඇයි සුනංගුව?
තිරව
නැගිටිමු අභිමනින්
-
බිඳිර දෙපයේ
ලූ විලංගුව !