අද හුළඟ හරි රළුයි
රළු හුළඟට ගස් වල අතු ඉති බිඳෙන්න පුළුවන්
ශක්තිමත් ගස් වුණත් කඩා වැටෙන්න පුළුවන්
ඒ හුළඟ රළු වුණාම
හුළඟට ගත සිත ගස කොළ
සනසන්නත් පුළුවන්
නළවන්නත් පුළුවන්
සමාධිගත කරන්නත් පුළුවන්
සුළඟ අපේ හිත් ඈතට අරන් යනවා
එහෙම වෙලාවට සුළඟ
අපිට ආශිර්වාදයක් වගේ දැනෙනව
සුළඟින් නොසැලුණ සිතක්වගේ
මම නිශ්චලව ඉන්න මහන්සි ගන්නව
හුළඟ රළු වුණත් මෘදු වුණත්
හැමදාමත් එකම ප්රතිචාරයක්
දක්වන්න වෙන්නෙ කොහොමද?
මල්ලිකා එම්. බණ්ඩාර
21.01.2017