Saturday, 21 January 2017

සුළඟ

අද හුළඟ හරි රළුයි
රළු හුළඟට ගස් වල අතු ඉති බිඳෙන්න පුළුවන්
ශක්තිමත් ගස් වුණත් කඩා වැටෙන්න පුළුවන්
ඒ හුළඟ රළු වුණාම​
හුළඟට ගත සිත ගස කොළ​
සනසන්නත් පුළුවන්
නළවන්නත් පුළුවන්
සමාධිගත කරන්නත් පුළුවන්
 සුළඟ අපේ හිත් ඈතට අරන් යනවා
එහෙම වෙලාවට සුළඟ
අපිට ආශිර්වාදයක් වගේ දැනෙනව​
සුළඟින් නොසැලුණ සිතක්වගේ
මම නිශ්චලව ඉන්න මහන්සි ගන්නව​
හුළඟ රළු වුණත් මෘදු වුණත්
හැමදාමත් එකම ප්‍රතිචාරයක්​
දක්වන්න වෙන්නෙ කොහොමද​?


මල්ලිකා එම්. බණ්ඩාර
21.01.2017

No comments:

Post a Comment