Sunday, 22 January 2017

වණ කැළැලි

මුහුද රළු වෙනකොට​
රළ පතර හරි දරුණුයි
දැඩි දළ රළ පතර​
ගොඩ බිමට පැන පහරදී හාරයි
බාදිය වෙරළ මත​
ඇඳී ඇත වණ කැළැලි සිතුවම්
ගැඹුරු වණ තුළ රැඳුන​
රොල්මඩ සැරව පිරි
වණය සුවපත් වෙන්න කල්‍ යයි
හිතේ වණ කැළැලි මෙන්
වරින් වර පෑරෙයි අළුත් වෙයි
සුවපත්ව තිබුණත්
වණේ දුන් දුක හිතට මතකයි

මල්ලිකා එම්. බණ්ඩාර​

22.01.2017

No comments:

Post a Comment