දෙව් මැදුර සුරුවමක් ඉදිරි පිට
ඇණ ගැසූ අහිංසක
මිනිසෙකුගෙ
සලකුණු කළ කෙනෙහි මා ළයේ
සිහින් කෙඳුරුමක් සේ
ඇසෙන නෑසෙන හඬින්,
සනිටූහන් වෙනු දැනුනි-
සුරුවමේ විඩාබර දෑස් මත
වැකි පෙළක් මිමිණෙමින්
“උතුරු
දේවත්වයේ අවසාන සුසුම් පොද
මුදා හැර වාතලය හා මුසුව යදින්නේ
මිනිස් වග උනුන් වෙත මිනිස්කම
පිදිය යුතු බව කියන
ආයාචනය මිස;
ආයාචනය මිස;
බෙදා වෙන්කර පොළොව
මුරුගසන් වරුසාවදා වගේ
එකිනෙකා ඇනකොටා
ගහ මරා බිම දමා
නවාතැන් පොලේ ලූ
පැදුරු කඩමාළු මෙන්
වැරැහැලි මිනිස් වග
මිහිදන් කරන්නට නම් නොවේ".
වැරැහැලි මිනිස් වග
මිහිදන් කරන්නට නම් නොවේ".
“අද
ඉපිද හෙටද අනිද්දාදැයි නොදැන,
මියෑදෙන මිනිසුන්ට
පාපයේ සාපයෙන් මුවාවෙන
සාටකයකුත් නොවේ මිනිස්බව,
සොබා දහමට උරුම ණයට ගත්
අති ධවල පිරුවටකි මිනිස්බව”.
“පවිටු
මස්වැදි දන රැඳෙන
නපුර වපුරා මේ මිනිස්
දනව්වේ
සෝක සන්තාප වළඳා මියෙන
අඩවියක් නම් නොවේ
“මා
යදින නුඹ,
මිනිස් වග උදෙසාම, මිනිස්කම සඳහාම
අති උතුම්
පිවිතුරු ප්‍රේමයේ නාමයෙන්
අල්තාරයේ පුදා උපහාර කරනු
වස්
මියෑදෙන මිනිස්කම ඉදිරියේ
මුදා හැරපන් නුඹේ ප්‍රේමය
අසිරිමත් විශ්වයට!"
මල්ලිකා එම්. බණ්ඩාර
08. 01. 2017
No comments:
Post a Comment