Thursday, 5 January 2017

සිටින්! ඉඳින්! අත් ඔසවන්!


ගමේ වෙල් යාය මැද​ පුංචි දූපතක් වැනි
ගොඩැල්ලේ ඉස්කෝලෙ අකුරු කරනා සමේ
ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන​
හොඳම රස්සාව කර​
අනාගත සුබ සිහින විමානෙක තනිවෙන්න​
සනිටුහන් කර ගතිමි
නොදන්නා කමටදෝ.​

ගලහ හන්දියේ පටු පිවිසුමෙන් ඇතුළු වී
දිනා කළු ලෝගුවක් නැවතුනේ
ආර්ථික අහේනිය, විරැකියා සාගතය​,
අසත් දම් පිළිකාව ඔඩු දිවූ
මිනිස්කම​ මළබැඳුන මඩ කඩිත්තක​​
 
උඩු යටිකුරුව රොල් මඩ කිමිද, 
ඇහිඳ ගෙන ​අකැමැතිම රැකියාව 
වැළද ගත්තා, ප්‍රතම ප්‍රේමය වගේ සෙනෙහසින්.
ගුණ නැණ සමව ගෙන, පත අට එකට සිඳ
තික්ත රහ බාල කර අනා මී පැණියෙන්
සිල්ප දැක්වීමි හත්වන දවස තෙක්

එකෝමත් එක දිනක, මඩ කඩිත්තට උඩින්
පියාසර කරන ලද​ හංස දෙපලක් ඇවිත්
දැත් බැඳ​, දමා මුකවාඩම්, මාව​ තඩලාන​
සිලෝවම් පොකුණටම අතහලෙන්,
කරදියෙන් මිරිදියට මාළුවෙක් දැම්මහේ
කප්පරක් අතුරු ආබාද මැද​, පීනලා උඩු අතට
විශ්‍රාම ගියාටත් පස්සෙ,
මම තවම වැඩ !

මම තවම වැඩ කිව්වෙ,
House sitting!Baby sitting!  Dog sitting! Cat sitting!
පුංචි සන්දියෙ ගමේ ඉස්කෝලෙදී වගේ
විටින් විට මම තවම,
සිටින්! ඉඳින්! අත් ඔසවන්!
ඒත්, ජීවිතේ නම් බෝම සුන්දරයි!

මල්ලිකා එම්. බණ්ඩාර​

05. 01. 2016



No comments:

Post a Comment