මුහුද රළු
වෙනකොට
රළ පතර හරි
දරුණුයි
දැඩි දළ රළ
පතර
ගොඩ බිමට පැන
පහරදී හාරයි
බාදිය වෙරළ
මත
ඇඳී ඇත වණ
කැළැලි සිතුවම්
ගැඹුරු වණ තුළ
රැඳුන
රොල්මඩ සැරව
පිරි
වණය සුවපත්
වෙන්න කල් යයි
හිතේ වණ
කැළැලි මෙන්
වරින් වර
පෑරෙයි අළුත් වෙයි
සුවපත්ව
තිබුණත්
වණේ දුන් දුක
හිතට මතකයි
මල්ලිකා එම්.
බණ්ඩාර
22.01.2017