සඳවතිය සුදු සේල මුදාලන යාමයේ
පිනි කඳුළු හෙලන මැදියම් රැයේ
කොළ හැලුන අතු පතර
විසුළ මුතු පට තුසර
ගිළිහුණා මළානික හීනයේ
මතක කුටියේ අඳින
නොයෙක සිතුවම් සිහින
බොඳ වෙලා නෙතු සඟළ තෙමෙන්නේ
කොපුල් තල මත ගලා හැලෙන්නේ
රාත්රිය නිමාවී තව දිනක් උදාවී
නව ලොවට හිරු කිරණ ගලන්නේ
සුවඳ රොන්සුණු සලන
බමර කැළ මත් කරන
මලක් වී කෙලෙස මා පිපෙන්නේ?
ඉඳුරු පුරසේ දැනුන සොඳුරු සරසවි අරණ
සැඳෑවත අඳුර මැද මැදුරු දොර ඉකිබිඳින
සමු දෙන්න ඇවිත් මා යදින්නේ-
ගිලුණු හිරු සඳු සිකුරු
පාළු ලොව තනිවෙන්න
පාළු ලොව තනිවෙන්න
"මගේ හිත මට දෙන්න"
හෙටයි එය චිතකයට දමන්නේ
මල්ලිකා එම් බණ්ඩාර
28. 06.
2018