Sunday, 1 July 2018

වියෝ​ව


සඳවතිය සුදු සේල මුදාලන යාමයේ
පිනි කඳුළු හෙලන මැදියම් රැයේ
කොළ හැලුන අතු පතර
විසුළ මුතු පට​ ​තුසර​
ගිළිහුණා මළානික හීනයේ

මතක කුටියේ අඳින​
නොයෙක සිතුවම් සිහින
බොඳ වෙලා නෙතු සඟළ තෙමෙන්නේ
කොපුල් තල මත ගලා හැලෙන්නේ

රාත්‍රිය නිමාවී තව දිනක් උදාවී
නව ලොවට​ හිරු කිරණ ගලන්නේ
සුවඳ රොන්සුණු සලන​
බමර කැළ මත් කරන​
මලක් වී කෙලෙස මා පිපෙන්නේ?

​ඉඳුරු පුර​සේ දැනුන​ සොඳුරු සරසවි අරණ
සැඳෑවත අඳුර මැද​ මැදුරු දොර ඉකිබිඳින​
සමු දෙන්න ඇවිත් මා යදින්නේ-
ගිලුණු හිරු සඳු සිකුරු 
පාළු ලොව තනිවෙන්න​
"මගේ හිත මට දෙන්න​"
හෙටයි එය චිතකයට දමන්නේ

මල්ලිකා එම් බණ්ඩාර​
28. 06. 2018

No comments:

Post a Comment