අඳුරු කලපුව ඉමේ සජීවී
මා පමණි
දිගාවුණ පාළු හිස් අහස යට මා පමණි
සිනාසෙන සුවහසක් හඬ අතර මා පමණි
සාදයේ සල්පිලේ හුදකලා මා පමණි
කොහේදෝ තැනක වැරැදී ඇතැයි හැඟුනාම
මගේ පස බර වැඩිය කිරා මැන බැළුවාම
තුලාවේ සිදුරු ඇති බව හැඟෙයි හැමදාම
ඉතින් වුණ වැරැදි නිවැරැදි කරන්නේ කෝම
ලැබෙන තුරු දිගු කලක් හඹා ලුහුබැඳි දේම
ලැබුණ පසු අගය අඩුවී ගිහින් නොදැනීම
ලොව හැදූ මිමි වලට මා වැටෙන්නැතුවාම
පිටුවහල් වුණා
සිරගතවුණා නොදැනීම
හඬන තැන ඉකිබිඳිමි නිහඬ
සිත ඇතුළේම
සිනා මැද ඉපිල යමි හදවතින්
නොපෙනීම
දුක දකිමි සෙත් පතමි
පෙමෙන් හද පතුළේම
විඳිමි වැට ඉණි නොමැති
සිතක හිමිකරු වීම
මල්ලිකා එම් බණ්ඩාර
27.
06. 2018
No comments:
Post a Comment