දැදුරු වුණ සඳමඬළ
දියවෙලා ගලන සඳ
අඳුරුවීණි මිහිමඬළ
අමාවකදා වගේ
පියෂෝ උයන පාමුල
අමාවකදා වගේ
පියෂෝ උයන පාමුල
ගෝනි කඩමලු ඔතා
සිරුරු මත අතහැරිය
පොඩි සිඤ්ඤ මරං අතු
යටින් නුඹෙ සිරි පතුළ
දුටිමි හඳුනා ගතිමි
නොමැති මිරිවැඩි සඟළ
සඳ බසින කණිසමේ
හත්දින්න තරු පොකුර
රත් සඳුන් කඳන් සේ
හිඳී මහ මඟ වැතිර
හිඳී මහ මඟ වැතිර
සත් දිනක් මඟ බලා
හිඳ ම'පුතු එනතුරා
යළි නොඑන බව දැනී
සත්කඩට නොපැළුණේ
කිමද මගෙ ළය මඬල
මල්ලිකා එම් බණ්ඩාර
18.07. 2018
18.07. 2018
No comments:
Post a Comment