මට ආගමක් හෝ මට
ජාතියක් නැත
මට භූමියක් හෝ මට
මායිමක් නැත
පැහැයක් කඳවුරක් ගුරු
කුලයක්ද නැත
ඒ හැම ඉක්මවන නිදහස්
හිතක් ඇත
උස් මිටිකම් මනින
මිණුමක් තිබෙනු දැක
වෙහෙසකි තුලාවේ හරි
මැද රැඳෙන එක
නින්දා අපහාස ගරැහුම
අසල නෙක
ජීවිත පන්නරය ඇතියෙන් නොමැත දුක
ජීවිත පන්නරය ඇතියෙන් නොමැත දුක
පීනා දළ සයුර වන ගිරි
සිඛර තුළින්
ආවත් පිදුම් නැත වන පස සුවඳ
මලින්
ගල් මුල් වැළඳ සේ
මහනෙල් පියළි දැළින්
පියමං කරමු වග වලසුන්
රැඳුන වළෙන්
වත්කම් නැතත් හස රැළි
උල්පතක් ඇත
සිත්තම් කළ මිනිස්කම
දිසි නෙතක් ඇත
ඉක්මන් වෙලා ළතවීමෙන්
පලක් නැත
සක්මන් කරනු මිස මට තරඟයක් නැත
සක්මන් කරනු මිස මට තරඟයක් නැත
සිඹ සිඹ මුහුණ ළය වස
විස වපුරාද
අඹ යාළුවන් යස ඉසුරට
පොරකාද
දඹ රත්තරං කුස ගින්නට
හරියාද
අග හිඟ කලට මැහි
කැළවත් සලකාද?
මල්ලිකා එම් බණ්ඩාර
07.07. 2018
No comments:
Post a Comment