සොරාගෙන මගේ නිදහස මගේ ගැහැණුකම
සිර ගතව සිටින්නට අතහලේ
මා කරපු කුමන වරදකින්දෝ
ගිරි බෙයද පවුරු පදනම් බැඳපු නිරින්දෝ
හිරි ඔතප් බිඳෙන්නට
සුවහසක් දනා ගැවසෙනා අවකාශයේ
හොවා අඩ නිරුවතින් කලාවේ නාමයෙන්
අන්ධ කර දන මනස
ගැහැණු බව නිගාවට පත් කළේ
නිරිඳ ඔබෙ
රජ කමත්
අසීමිත බලතලත් උදෙසාය
මිනිස්කම මියෑදුන නුඹෙ සළෙල දිවි පෙවෙත
නුඹලාට උරුම වූ කුහක කම
ලොවට
හඬගා කියන
සංකේතයයි මම
දෙවියන් පිරිනැමු දෙවිකම
මිනිස් අණ පණත් රැහැණින් වෙළා
ගැහැණියක වහළියක බව කියන
සංකේතයක් මිස
අප්සරාවක නොවේ මම
මල්ලිකා එම් බණ්ඩාර
20. 04. 2019