Tuesday, 7 May 2019

අප්සරාවක නොවේ මම​...



සොරාගෙන මගේ නිදහස මගේ ගැහැණුකම​
සිර ගතව සිටින්නට අතහලේ
මා කරපු කුමන වරදකින්දෝ
ගිරි බෙයද පවුරු පදනම් බැඳපු නිරින්දෝ

හිරි ඔතප් බිඳෙන්නට​ 
සුවහසක් දනා ගැවසෙනා අවකාශයේ
හොවා අඩ නිරුවතින් කලාවේ නාමයෙන් 
අන්ධ කර දන මනස​
ගැහැණු බව නිගාවට පත් කළේ
නිරිඳ ඔබෙ  රජ කමත්
අසීමිත බලතලත් උදෙසාය​
මිනිස්කම මියෑදුන නුඹෙ සළෙල දිවි පෙවෙත​
නුඹලාට උරුම වූ කුහක කම​
ලොවට  හඬගා කියන
සංකේතයයි මම

දෙවියන් පිරිනැමු දෙවිකම
මිනිස් ​ අණ පණත් රැහැණින් වෙළා
ගැහැණියක​ වහළියක බව කියන​
සංකේතයක් මිස 
අප්සරාවක නොවේ මම​

මල්ලිකා එම් බණ්ඩාර​

20. 04. 2019

No comments:

Post a Comment