හත් දවසක් ඇද වැටුණ අනෝරා
වැහි
කඳ ගං දෑලෙන් උතුරා
දියවුණ
හීනය වල් වැදුනාදෝ
නැතුවම
රහසින්වත් මතුරා
පෙම්
හද මැඳුරේ දොරගුළු හැරියේ
කුමටද
සමුගන්නට ඉඳුරා
හන්තානේ
හඳ ගිළිහී වැටිණිද
සංසාරේ
පව් පින් සපුරා
හීනෙන්
ගෑ මුදු සුවඳක් වාගේ
ගිරිකුළු
මුදුනේ තෙරපීලා
අපේ
මතක වාතලයේ පාවිණි
සත්
සමුදුරු තෙර කැළතීලා
මල්ලිකා එම් බණ්ඩාර
11.07.2022