උඩට උඩු වියන් බැඳලා
පාවඩ පිට සුබ නැකතින්
මඟුල් තුලා හිර-හිදලන්
කෙරුනා ගම මුළුවක්කං
වෙල්ලෑවේ තම්බාගෙන
කර ගැට එනතුරු දෑතේ
සුදු පිරුවට ඇපිල්ලුවේ
බඹා කොටන තුරු නළලේ
ගමේ දැරිවියන් ඔක්කොම
දීග ගියපු හැටි දැක්කම
තොටමුණ ළඟ වක්කලමේ
ඉකිහැහුවා කොරවක්කන්
අතින් අතට දියවී ගිය
ඉරණම්කාරයෙක් නැතුව
අඩ සියවසකුත් පිරුණා
උපන් දිනේ මඟෑරුනේ
හැමදාමත් සාද නැතුව
මල්සරාගෙ දුනු ඊතල
මළකඩ බැඳිලාද කොහෙද
බණ මඩුවේ පැදුර එලා
නවගුණ වැල ගණින ගමන්
ජාතක පොත් වහන්සේට
සාදුකාර දී වැඳ වැඳ
සසරේ දුක මෙනෙහි කරන
කාලය දැන් ඇවිදිල්ලා
මල්ලිකා එම්
බණ්ඩාර - 12.10.2017