සසලවෙයි සිත පෑරි පෑරී
ළපටි නා දල්ලටත් වැඩියෙන්
පොර බදයි සැඩ පහර වළකා
රැඳී ඉන්නට ළපැටි නටුවෙන්
සිළිටි පත් ඉරු විසිර යන්නට
නොදී රැක ගෙන වියරු සුළඟින්
මහ රුකක් වී අතුපතර දා
සෙවන සලසා හිඳින රිසියෙන්
ඒත් ඇයි මේතරම් පරළව
සුළඟ ගත සිත නිවු මනරම්
හමන්නේ රළු පරළු විදියට
දරා ගන්නට නොහැකි විලසින්?
මල්ලිකා එම් බණ්ඩාර
26.09. 2018