අවිදු අඳුරේ ගැලී
දුකින් තැවෙනා දනා
බියෙන් වෙලෙනා තැනා
අපකෙරෙන් අත හැරුන
දෙවිඳුන් ගෙ පිළිබිඹුව
මුණට මුණ යළි දකින
නිමල ප්‍රේමයේ කැඩපත ඔබයි
අවදි කරවන පිණිස දෙවිදුන්
වැඩ හිඳින අප තුළම
නිරතුරු
අඳ නුවන් යුග විවර කරනා
සත්‍යයේ පහනින්
සත්‍යයේ පහනින්
පෙරම්ඹරයේ උදාවී දිලෙනා
තාරකාවයි ලොව පහන් කරනා
ගොපළු ලෙන් දොර සුවඳවත්
කර
වඩින අප හද බෙත්ලෙහෙම් පුර
දිවි කතර මැද අතරමංවූ
දුබල මනුසත් සිත් සතන් තුළ
නිවා සනහා අඳුර දුරු කර
සාමයේ සුබ අස්න ගෙන ආ
ජේසුනේ, මා ස්වාමිනී;
ඇලී තැවරී රැඳුන පව් මළ
දොවා පිවිතුරු කරනු වස්
මිනිස් වග වෙත වහින මල්
වැස්ස
ඔබයි මා ස්වාමි ජේසුනී
මල්ලිකා එම්. බණ්ඩාර
25. 12. 2016