Thursday, 8 December 2016

පාපොච්චාරණය​

වැස්සකටවත් ඇවිත්
ගොඩවුණේ නැති නිසා 
මහ මොකද්දෝ වගෙත් මගෙ හිතට.​
ඔබේ උතුරු ගුණ මහිම
දකිමිහඳුනමිදනිමි 
 බුදු සමිඳ​
ඒ වුණත් දෙපෝයටවත් වරක්
ගොඩ වෙන්ට හිතක් නෑ පන්සලට

පිං කැටේ පිරෙන්නට වැටෙන හැම සල්ලියට​
නිවන් පුර දොර අරින ඒජන්ත කල්ලියට​
සංසාර සාගරෙන් අපි එතෙර කරන්නට
නොහැකි බව දත් හෙයින් 
නොආවෙමි පන්සලට.
 .....
ගීතිකා හා මුසුව​ ඔරසොමට මිමිණෙනා 
දෙව්මැදුර​ සීනු හඬ ප්‍රේමයෙන් අමතනා
සබත්දාකුසීතව​ ගුදිරියට ගුලිවෙලා  
හිඳින එක යහපතැයි හිතෙනවා 
අයිලයේ කොනක හිඳ නිදිකිරනවට වඩා ​

රොටී කා වයින් බී, ගෝලයෝ පිරිවරා 
ගලීලයෙ මිනිසුන්ට  ඔබ දෙසූ සුබ අස්න​ ​ 
 "hard sayings"  වෙලා වියතුන්ට! 

ධර්මාසනේ අසල ඉදිරිපෙළ අසුනෙ හිඳ​
 සුවාමිගෙ මුවින්  ගිළිහෙන හෑම පදයටම​
ආමේන්… ආමේන්එසේම වේවා!” කියපු
ඔරසොං අත්තාගෙ මිණිබිරී වුණත් මම,​
එන්ට හිත දෙන්නෙ නෑ
ඔබ නොමැති පල්ලියට
මගේ හිත් කුටිය තුළ වැඩ හිඳින​ 
ජේසු ස්වාමි දරුව​නේ
කමා කළ මැනව මට!

දෙව් මැදුර අඳුරු අයිලය පසෙක​
දණ නමා සිටින බැතිමතුන් තුළ
උත්ථාන නොවූ ඔබවහන්සේ
මිත්‍යාව විනිවිදින 
සත්‍යයේ එළිය දකින්නට
විවර කළ මැනව උන්ගේ ණැනස
ජේසුනේ ස්වාමිනේ!

මල්ලිකා එම් බණ්ඩාර​

03. 12. 2016

No comments:

Post a Comment