ජනපති උවසු බුදුගුණලකර පිරිසිඳ
දැන
බණ වදාරති වෙහෙරක ඇදිලි බැඳ
අගමැති
උපාසක ලිච්චවි දහම් කඳ
දැහැමෙන්
සෙමෙන් වපුරයි මැති ගණා මැද
විශ්‍රාමික
සුවය දුකයයි හඟින ලද
නිරිඳෝ
රකිති පෙහෙවස් දෙව්රමට වැද
දායක
දනා සිව් පසයෙන් දෙවන පුද
දෙව්
සැප පතති ඒ උතුමන් පසෙක හිඳ
පලතුරු
වට්ටියයි අටපිරිකරයි අරන්
පිරිවර
සමඟ උතුමෝ පිරුවටය දරන්
එන
සඳ යාන වාහන තුටු පඬුරු අරන්
යතිවර
මුනිවතිනි හිත තුටු පහටු කරන්
පුද
පෙත් කාජ භෝජන වර දාන අරන්
පව්
කඳු ඇවිත් පා මුල වැඳ වැටුණ ගමන්
උජු
පටිපන්න වෙන්ටත් බෑ හිතන තරං
සුව
වළඳනු හැකිද පදවිය අහිමි කරන්
බුදු
මැදුරට යාව දෙවොලට පුදන ලද
පිං
කැට නිවන් යන අත වියදමකටද
භව
දුක නසන මඟ මිස දෙව් ලොවක වග
දෙසුමෙන්
නිවන, සග-සැප සම කරනවද?
වපුරා නෙළා පව් බිජුවට පැහෙන තරම්
ආවාසයේ වාසය දැන් අකැප තරම්
තුන් දොර වහන්නට යන වෑයමට හරම්
මල්ලිකා එම් බණ්ඩාර
No comments:
Post a Comment