ලුම්බිණි සාලවනේ මඳ පවනේ
සුවහස් මල් සුවඳින් පිරුණේ
කම්පිත කරවා සහසක් ලෝදා
සත් පියුමන් මිහිමත පිපුණේ
මිහිතලයම දොවා කර ඒකාලෝක
පුර සඳ මෝදු වන පසළොස්වක දාක
මොහඳුර මැද සසර දුක වළඳන නේක
සව්
සත නිවන්නට බුදු බව ලද සේක
ගහකොළ අතු පතර සිහිළස සළායේ
සත්සිත් පහන් කර මෙත් සුව වෙළායේ
සිත්පිත් නොමැති බෝපත් සර තළායේ
මිහිමත කිතු ගොසින් තුති ගී ගලායේ
සමිඳුන් අසමසම සම්බුදු පදවි ලැබ
මෙත් ගංඟා ගැලූ අද වැනි දිනක සුබ
සිත් මල් දොවාලන තෙමඟුල් අසිරි මැද
සත් වග දිනේවා සදහම් පහස ලද
මල්ලිකා එම් බණ්ඩාර
18. 05. 2019