මැළවුණ සිත අතු ඉතිලා නෑඹුල් මල් පීදෙන්නට
මල් වරුසාවක් වැස්සා වාගේ මගෙ ඉස්මත්තට
අපෙ අම්මගෙ වත තැවරුණ සිනා පොදක් දැකගන්නට
යළි කවදා හැකිවේවිද මේ අත්බවයේ දී මට
නුඹෙ අත් හැඳි යුග සෙවනේ මා හිඳුවා මුවා වෙන්න
හිතේ උපන් කරුණාවෙන් සඟවාගෙන කඳුළු ගොන්න
දරදිය ඇද රෑ දාවල් පණම් අටක් හොයා ගන්න
වෙර දියකර වැළඳූ දුක මෙතෙකැයි බෑ කියා ගන්න
දොළොස් මහේ පහන වෙලා මට මහගිරි දඹ නඟින්න
සිළිටි පළස් අතුළ මැදුරු දොර හිඳ පායුග හොවන්න
දූවිල්ලේ ගිනි අව්වේ ඇවිද්ද කුසගිනි නිවන්න
අම්මේ නුඹ පෙවූ කිරට කාට හැකිද ණය ගෙවන්න?
අම්මේ නුඹ පෙවූ කිරට කාට හැකිද ණය ගෙවන්න?
මල්ලිකා එම් බණ්ඩාර
25. 09.
2019
No comments:
Post a Comment