ළපටි අඹ පතක් සේ හිත වැරෙන් සැලෙනවා
හූල්ලන හඬ නුඹේ ඉවට මෙන් දැනෙනවා
සිඟිති පුතු සමඟ නුඹ මඟ එතැයි හිතනවා
මටත් රහසින් මගේ නෙත පෙරට දුවනවා
නුඹ හොවා නළවාපු දෑතෙ හිරි ඇරෙනවා
පුංචි මුණුබුරා දෝතේ ඇතයි හැඟෙනවා
මගෙ උකුළ මත නිදන පුතුගෙ රුව මැවෙනවා
නුඹට කී කවි කතා හිතින් පෙළගැහෙනවා
පාට දේදුනු ඉරා සිළිටි ගත සරසාපු
වන මලින් ගෙතූ දම් යහන මත ගවසාපු
මැදින් හඳ වගේ නුඹ ගිරි හිසින් පායාපු
ඉඳින් දොරකඩ මුවග හිනා මල් අතුරාපු
මල්ලිකා එම් බණ්ඩාර
21. 01. 2020
No comments:
Post a Comment