ඕක් ගහයට විසල් ගණ නීල වියන යට
අතුපතර සළිතකර මුමුණනා
සිහිල් සුළඟේ ළයට
උදාසීනව වුවත්
උදාසීනව වුවත්
සවන් දෙමි මොහොතකට
බිඳුණ උරපතු වෙළුම් නොරිද්දා
අවදි වුණ මතක පළඟැටි රෑන
අවදි වුණ මතක පළඟැටි රෑන
නිදහසේ ඉගිලයයි
දුර ඈත කොදෙව්වට
දුර ඈත කොදෙව්වට
සග සැපතකැයි
හඟින මහ මැදුරු තවානේ
කුණු කාණු දිය අගල් උස් පවුරු පාමුලින්
පස්පියුම් සුවඳ දෙන ලිඡ්ඡවී පුරවරේ
සැරිසරා වෙහෙස වුණ දින ගණන මතක්වී
ඒ කාණු කටෙන් පැන පිහිනන්න වලිදරන
මාළු කූරියෙකු සේ ගැහෙයි සිත
වීදියෙන් වීදියට පටු මගෙන් මහ මඟට
දිවා කල ගිනිගහන අව්කූටකේ ඇවිද
බුන් පැතුම් සිතුවමක දළකඩක් දවටාන
දහදියෙන් දොවනලද මුහුණු හිත ඇඳෙනවා
නඳුන් උයනේ සරන ළඳුන් මෙන් සුමටව
පිරියමින් ඔපදැමූ මුව මඬළ සරහාන
කුණුකාණු උඩින් පැන ඇවිද යන
පුරඟනන් ළඟ යදින ළපැටි යාචක පැටව්
දකින හිත අවලාද දෙස් දෙවෙල් නඟනවා
සුළං හමනා අතට ඉහිර යන දූවිල්ල
මතකයේ පිටු අතර තවරාන
ගෙන්දගම් සුවඳ මුසු මඳ සුළඟ
මැඳුරුදොර කාණුවේ කුණු ගඳට මුසුවෙලා
කොළොම්තොට පුරා සැරිසරනවා
එදාටත් වඩා අපුලව නැහැය විදිනවා
හෙට්ටුවෙන් වෙට්ටුවෙන් උනුන් පරයා ඇදෙන
රථ පෙළට පියාපත් නැතිවදෝ
නලා හඬ කන් බිහිරි කරනවා
අබිලි වේදිකාවේ පදිකයින්
ආත-පාතක් නැතුව දුවනවා
හෙට්ටුවෙන් වෙට්ටුවෙන් උනුන් පරයා ඇදෙන
රථ පෙළට පියාපත් නැතිවදෝ
නලා හඬ කන් බිහිරි කරනවා
අබිලි වේදිකාවේ පදිකයින්
ආත-පාතක් නැතුව දුවනවා
කරදියෙන් කැකෑරුණ හැම මිනිස් හිතකම
පොරබදන කටුක දුක
කියවන්ට බැරිව හිත තැවෙනවා
පියාඹන කාලයට නොදන්වා
පියාඹන කාලයට නොදන්වා
ලොව වෙනස් වූ නමුත්
හිත් වෙනස්වී නැතැයි
හිත් වෙනස්වී නැතැයි
මගේ හිත කොඳුරලා කියනවා
මල්ලිකා එම් බණ්ඩාර
20.02.
2020
No comments:
Post a Comment