සිහින් සුළඟට සැලෙන මල් පෙති
අතුළ පටු මාවත් දිගේ
සහන් එළියත් මැකීගෙන යන
සැඳෑවත නුහුරුයි වගේ
නිසලවී
දොඩමළු නුවන් යුග
ප්‍රේමයක
විරහව විඳින කල
වියා
නිම නැති සිහින පැදුරේ
පසක්විද පත් ඉරු හැළුණ වග
සුරත් බිඹු පල කොපුල් තලමත
රැඳුන
උනුහුම අහිමි වූයෙද
නෙතු
විලේ පිපි නොකී සෙනෙහස
සුළං රැල්ලක එතී ආවෙද
බිඳෙන
සුසුමක ළසෝ තැවුලක
මතක
දෝවා පාකරන්නට
මහවැළිය
නුඹ රළුද මෙතරම්
බැන්ද
පාළම බිඳ දමන්නට
ගොතා
කවිපද නෙළා කැටයම්
ලිවිය
යුතු අපෙ පෙම්පුරාවත
ගෙනත් මිහිදන්කළා දවසක
අපේ දෝතින් සුසානය වෙත
අකල්
සමු ගැනුමක් නිසාදෝ
සමරු
සටහන් නැති සොහොන් කොත
නොදැල්විණි
ඉටි පහන් සිළුවක්
මල්
කළඹකට තනි රකින්නට
මල්ලිකා
එම් බණ්ඩාර
23.11.
2021
No comments:
Post a Comment